ඇස්බන්දුම් | Asbandum - Dope Skain Ft Nadiyah & Naigel Forrel

Verse

වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක්  පිරිස

සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිස

හදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්‍ය

තමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ල


වැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙ

මස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින්

පහු වෙද්දි අවෘදු විස්සක්ම හැමදේකින්ම වින්දෙම අත්දැකීම්

පසු කරං ගියත් කාලෙ අවසානෙ සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන්


සුලගට පාවෙයි වරාමල 

තුරුම්පු හලලා ගැහුවා කලාබර

 මගෙත් එක්ක තරග කරලා ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර 

අද නෙමෙයි හෙට ප්‍රතිඵල  

වෙලා දඟලන්න එපා කලබල 

උබයි මමයි අහස පොලව වගෙ ඒ තරම් දුරකට සමානයි පරතරේ


ඇස්දෙක වාගෙන මං 

බලන්නෙ අවදානයක් අරං 

උබලා කාරිය කෙරෙනකන් 

ලගින්නෙ වාසිය තියනකන් 

අතපාලා නෑමං කාට උනත් හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා කට කොනින් එරෙව්වට බං 

දෙයක් නැති වෙන්න දෙන්නෑ අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන්

Hook

ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ 

එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ

අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්

මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//


Verse

වට වෙලා බලපං තොරනෙ එලිය නෙමෙයි බං ජාතකේ

හිනාව යට ගුලි කරං මාරකේ කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ.

නපුරු සමාජෙ විෂම මිනිස්සු එක්කම ඉඳලමයි හිත පෑරුනෙ

නැගපං සමාජෙ කියන පාරුවෙ ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙං


එකට ඉඳං රඟ පාල ලඟට වෙලා අගේ ඉඳං කන කාල

අත දීල උඩට ගත්ත අයත් ගියෙ අ⁣තේ රීල වටේ බර වැඩ දාලා

කිරි පෙව්වත් නයා යන්නෙ වෙලාවට වැඩේ දීල බඩගාල

අපිට මෙහෙම වෙලා මදි තව වෙන්න ඕන හිත හොඳ එකා වල දාලත් මදි


වැටුනෙ නෑ අහසින් 

අපි කව්රුත් ආවෙ එක පහසින් 

තියං බුදු පහන උපාසක පව් කරෙ හොර රහසිං 

අම්ම වෙලා දාසි 

මොල වල පාසි

අදාල නෑ ආසි මගේ ගාව වාසි දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ah


කුහකයො අලි වගේ  දැං මෙ වචන හෙන්ඩුවක්

දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක් හොල්ලනව සෙල්ලම පොරොන්දුවක් ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක්

බිත්ති හතර⁣ට කොටු වෙලා කනාමැදිරි එලි වලිං ⁣ලෝකෙ දකින උංට වෙයි පන්දමක් මේක


Hook

ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ 

එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ

අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්

මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ// 



Previous Next

نموذج الاتصال