අවුරුදු සිරිත් රැක ගං සොඳිනා
මෙතේ බුදුන් වඩිනා
එදින තෙක්
මෙතේ බුදුන් වඩිනා
හීං කාලේ සරම ඇන්දේ හා හා පුරා කියලා
සිංහල අවුරුද්ද ට නොවැ හප්පච්චියේ
එහෙම සතුටක් තාම නෑ දැනිලා
අවිච්චියා දුක කියන්නෙත් අවුරුදු ඇවිදිල්ලා
තාම මතකයි දුක ඇසූ හැටි
කන්දේ ලන්දේ වහුං වෙලා
මංගල්ලෙට බොට - දුන් මගෙ ඇඳුම ට
මොණරෝ නුඹ මට කල අවගුණ කැත
මා ත් කියම් බුදුවන දා මෙතේ බුදුන් හට
කොහත් අඬනව නොවැ හප්පච්චියෙ
අවුරුදු ඇවිදිල්ලා
එරබදු මල් හිනාවට පැටික්කිගෙ
අවුරුදු ඇවිදිල්ලා
තෙනෙනඟ තෙන - තෙනෙනඟ තෙනෙනා
තෙනෙනඟ තෙන - තෙනෙනඟ තෙනෙනා
ඉරට වැඳලා ඉරෙන් රත් කර
අටුවෙන් වැඩමවලා
මහ රබාන ට තාල තැළුවා
ගමම වට වීලා
හිරුට පැහැදෙව්වේ සොඳ ලෙසින්
මිදුල මැද තියලා
එක් කලේ අත් එකම තාලෙට
හිරුට ගරු කරලා
කැත්තක් අරගෙන වත්ත ට යන කොට
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
ලංසි පැටව් කොළඹ යන්න නැවක් හදනවා
තක දොං
නැවක් හදනවා
දොංත බබක්ක ට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
මොන
දොන්ත බබක්කා දැනට ගමේ නැත
ගමෙන් ගිහිල්ලා තාම ඇවිත් නැත
සිංහල අවුරුද්ද ට ගමට එයි
තෑගි බෝග ගෙන කද මළු බැඳගෙන
අත්තා මුත්තා නත්තා පනත්තා
කිත්තා කිරිකිත්තා
කිරි කෑ මුත්තා - කුරුත්තා
ගිය සුර පුරය වෙතා
සිහියට එන්නෙත් හප්පොච්චියේ
සිංහල අවුරුදු දා
ඔවුන් සිහි කර සිරිත් කරමු බවභෝග පතා
අහ බලාගෙන අහසම පිරික්සූ
පොලොව බලාගෙන හිරු සඳු සැනැස්සූ
අහස පොලොව මැද බුදු උනු මිනිස්සු
අපට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු
යලට මහට සිරිත් රැක්ක මිනිස්සු
ලෙඩට දුකට පිරිත් කීව මිනිස්සු
සතුට සොඳට බෙදා ගත්තු මිනිස්සු
අපට කිව්වේ හොඳ සිංහල මිමිස්සු
ආදි කාලේ හිටිය මුත්තෙක්
ආවොතින් මේ දෙස බලා
පුදුම වෙයි බොල මෙලොව දැකලා
නොනැගුනේ කිම දොස නඟා
හිනා යයි දෙකොනින් ම උන්දැට
බෙදුන සිංහලයන් දැකා
ටොක්කකුත් ඇණ කියයි මේ ලෙස
ලක් වැසියො හිටු එක් වෙලා