මන්දස්මිතික ප්‍රේමය | Mandasmithika Premaya - Vindula Attygala

සොඳුර එහෙනම් 

ඉතින් නුඹ නික්මෙන්න 

මට ඕනේ මං එක්ක 

මොහොතකට තනිවෙන්න 

හවසක


මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේ 

නග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමි 

හිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේ 

සීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ


සිනා පමණක් තබා අගුළුලා හද කුටියේ 

වේදනා මුහු කරමි රැඳී දුමක දෙතොලතරේ 

හිමි අහිමි කොයි වෙතත් ප්‍රේමයේ සෘතුවේ 

මල්වඩම් ගිණි තබා නුඹ තියමි පෝරුවේ






Previous Next

نموذج الاتصال