සිහින් එළියක් දල්වාගමි
සේද යායක් මැද නිවෙන්න
බදා අල්වා එක ට කැටිවුණු
දිය වළාවෙන් අත හැරෙන්න
ගිගුරුම් නගන හඩත්
ඇති පොලෝ තලයට නිවෙන්න
අහඹු හමුවක ඉතිරි කාළය
විසල් දෑ ඇතිය හිතන්න
සැඩ පහර අසල පෙණ කැදැලි සසල
දිය ගැඹුර නිසල බව පමණක්
සිහියට ගමී
පෙම් කතා ඇසුරෙන්ද ප්‍රේම අසුරින්ද
කැදවාන සයනයේ නුඹේ සිහිනෙට එමී
පහන් තරුවක් දල්වාගමි
අහස බෑ තනියෙන් තියන්න
ස්වල්ප මොහොතක් ඉතිරි වී ඇත
සියොත් රෑනට ගී ගයන්න
මේකුළු පවුරු වුණත්
ඝණ අන්ධකාරෙන් මිදෙන්න
රැයක් අවසන් තවත් ඉතිරිය
එක් අහඹුවක් ගැන හිතන්න
දුර දුවනු නොරිසි ළඟ රැදෙනුව රිසි
මඳ පවන සදිසි හැගුමක්
පිණි පලසේ තෙමි තෙමී
මල් දොවන මකරන්ද සුළඟේ විසිරෙන්න
පෙර ඇවිත් නුඹ ළඟින් සැරසෙන්න පවසමී