රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා//
දහමේ හැටි දන්නෙ නැද්ද
සිතුවා එය වැරදි නේද //
සොයන්නේ නෑ බලන්නේ නෑ
සිතන්නේ නෑ ලොව වැරදි මේ කියා
මාර්ගේ හොඳ හැටි තිබේය
දෑසා හොඳහැටි පෙනේය
කිම මේ බැඳිවල යන්නේ
මංමුලාවු එකෙකු සේ
මංමුලාවු එකෙකු සේ
රාග ද්වේශ..
බුදුගුණ දැන් මතක නැද්ද
මෙත් කරුණා වඩනු බැරිද//
දුකින් මිදී පවින් මිදී
පමා නොවී පිං පුරනු මතුවටා
පණනල මිරිඟුව වගේය
තණ අග පිණිබිඳු වගේය
කිම මේ බැදිවල යන්නේ
මං මුලාවු එකෙකු සේ
මං මුලාවු එකෙකු සේ
රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා//