සරාගී ඇසිල්ලේ | Saragi Asille - Bathiya N Santhush, UMARIA, SANUKA

නෙතු මා හා බැඳුණා - එ් ගංතිරේ 

ඔබ මට ඉඟි කෙරුවා - හැබහින්දෝ නොදැනේ

සිහිනෙන් පෑ වදනින් - නෙතු කැල්මේ බැල්මෙන්

තවමත් මහද කැළඹේ.....

Chorus

සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ

තුරුල්වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

Verse 2

දෙනුවන් සිප ගත්තා - පිනි පොද වැස්සේ

අප හදවත් බැඳුණා  - මන්දාරම් සෙවණේ 

සිහිනෙන් පෑ වදනින් - නෙතු කැල්මේ බැල්මෙන්

තවමත් මහද කැළඹේ.....

Verse 3

ඔය හසරැල් දුටුදා - මා නෙත්මානේ

පෙම් හසුනක් එව්වා - මා හදවත රහසේ 

සිහිනෙන් පෑ වදනින් - නෙතු කැල්මේ බැල්මෙන්

තවමත් මහද කැළඹේ.....      

Rap Section 

Sanuka

ඈ දුටුවිට දෙවඟනක් වගේ

හදවත කකියනවා හොඳටම මගේ

දිලිසෙන දෙනෙත් නිල් මිණිකැට වගේ

අහසේ තරු මදි ගෙල සරසන්න ඇගේ

Bathiya

ඇගෙ ඉඟ සුඟ ගත හැක මගෙ අත මිටින

නිසි පුළුලුකුල මා රිය සක ගැටුන

බොනික්කියක් වගෙ ඇසි පිය නොම හෙලන

ඇ දුටුවම වුනා මගෙ හදවත සසල

Umaria

ඔය දෙතොලඟ රැඳි සිනාවේ 

බැඳුනා හදවතින් රහසේ 

පෙම් පහසක රැඳුණු මානේ 

මම අයෙත් ආළෙන් මත්වුනාවේ

Santhush

කෙනිතුවා හදවත ඈ යන්තම් 

පත්තුවුනේ හදවතෙ මගෙ ගිනි පන්දම්  

ගැලපුනා අපි දෙන්නගේ පොරොන්දන් 

ගැලවෙන්න බෑ ඇලවිලා වගෙ කාන්දම්

Previous Next

نموذج الاتصال