[Rap - RDK]
කලක් යන්න යද්දි ඔයයි මගෙ හැමදේම
රසයි කන්න කන්න ඔයා වගෙ පැනි රස කෑම
සද ගාව දිලුනට නෙක තරු පාට
මම තමයි දන්නෙ හදේ තිබ්බ ආවාට
එක බැල්මකින් කුල්මත් කලේ
මාලිගා පරදයි අපි දෙන්නගෙ පැලේ
කැලේ තිබ්බ මල් තමයි අපි පුප්පලා ගතේ
පොඩ්ඩක් සුදු වෙද්දි කෙල්ලන්ගෙ බලපන්කෝ සද්දෙ
කාරි නෑ.. දැන් මට ඔයා නැතුව බෑ..
හති නෑ.. ආසම එලි නිවලා රෑ..
අපි දෙන්නගෙ ආදර කතාවේ..
ජාතකෙ දන්නෙ දැන් කලුවරයි දුමාරේ..
දෙන්නෙක් නෙමෙයි අපි වෙමු හතර දෙනෙක්
මතකද කියුව දුව දුව අතර දෙනෙත්
අපි අතර එන්න බෑ තවත් කෙනෙක්
ඉන්න බෑ බොට මට වඩා වටින කෙනෙක්
[Hook - DJ JNK]
ඈ දැක්ක ගමන් හිත යන්නේ!
කටකාර හින්දා නිතර ඔර වන්නේ!
ඇගේ නීල දෙනුවෙන්, පාන හිනාවන්,
පෝය හදත් පරදන්නේ..
[Rap - RDK]
ඇගෙ නැලවෙන දෙනෙතෙ රැය පුරම පැටලි
ලයෙ පහස විදි මම සක්විති රජෙකි
රස ගුලකි බද මැදින් මුතු ඇට වැලකි
කන අගට කොදුරන නුබ මදු විතකි
තනි තරුවක් එක්ක මම හාදව
මදි වරුවක් ලැබුනත් නුබෙ හාදුව
නැති තැන මරනවා මව පාලුව
ගැලෙව්වම කෙල්ලෙ හැඩයි ඔය සාලුව
තනි උනේ එක රැයයි ඔයා එක්ක
පැයක් ගියා දැනුනේ නෑ බින්දා සිල් රැක්ක
දැක කට කොනින් ඔය හිනා වෙන ලස්සන
නුබ මත් කල මාව සැනෙකින් අන්තෙට
නුබෙ උනුහුමෙ මැව්නා මට ස්වර්ගෙ
වෙන කිසිම රුවක් නැ.. යලි නම් පතන්නෙ
මැවෙන්නෙ පෙනෙන්නෙ ඔය රුවමයි දකින්නෙ
කොහෙ ගියත් මගෙ ඔලුවෙ ඔයායි ඉන්නෙ
[Hook - DJ JNK]
ඈ දැක්ක ගමන් හිත යන්නේ!
කටකාර හින්දා නිතර ඔර වන්නේ!
ඇගේ නීල දෙනුවෙන්, පාන හිනාවන්,
පෝය හදත් පරදන්නේ..