මිහින්තලාවයි | Mihinthalawai - Sanuka Wickramasinghe

මිහින්තලාවයි - අඹරුක් සෙවණයි

පොසොන් උදාවයි - පුන්සඳ එළියයි

මිහින්තලාවයි - අඹරුක් සෙවණයි

පොසොන් උදාවයි - පුන්සඳ එළියයි


අනුබුදුහිමි බුදු ධර්මය රැගෙන වැඩිය දින

තිස්ස කුමරු මුව දඩයමෙ යෙදුනේ මේ දින

පාපෙන් වළකා කුමරුන් සීලෙ පිහිටු දින

අඹ පැන විසඳා ධර්මය දෙසු මේ පෝ දින


මිහින්තලාවයි - අඹරුක් සෙවණයි

පොසොන් උදාවයි - පුන්සඳ එළියයි


සසර වසන සතට අමා නිවන් මඟට යන

ධර්මාලෝකය ලද මේ පොසොන් පොහෝ දින

සදහම් ආලෝකෙන් ලක්බිම බැබලූ දින

දොහොත් මුදුන් දී නමදිමි උතුම් මෙ පෝ දින


මිහින්තලාවයි - අඹරුක් සෙවණයි

පොසොන් උදාවයි - පුන්සඳ එළියයි

මිහින්තලාවයි - අඹරුක් සෙවණයි

පොසොන් උදාවයි - පුන්සඳ එළියයි



Previous Next

نموذج الاتصال