පැහැසර ඔබෙ ආදරේ | Pahasara Obe Adare - Centigradz

මන්දාරම් වැහි පොද හිරිකඩ

මගෙ සියොලඟ රන්දාලා...

උන් අප ආගිය මග වගතොට

මතක අගුළු හැර දාලා...

වාවන්නට බැරි තැන දුක් කඳ

දෙනෙත් පියන් කවුළු කඩා...

දෝරෙ ගලා ගිය උණු කඳුළැලි

වියළි දෙතොල් මත වැටුණා... 


පැහැසර ඔබෙ ආදරේ

මන්දාරම් අඳුරේ වෙලී...

සැඟවී ගිය ඔබෙ සෙනෙහේ

හද රිද්දනවා රහසේ... 


මැළවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු

සැමගෙන් සඟවා ඉන්න...

ඔබ නොමැතිව සිනහ නගන යුරු

මට කියා දී යන්න...

උමතුව හද විලාප දෙන 

හඬ අහගෙන ඉන්න...

බිඳකට ඇවිදින් මගෙ ලය

මත ඔය සවන තියන්න... 


පැහැසර ඔබෙ ආදරේ

මන්දාරම් අඳුරේ වෙලී...

සැඟවී ගිය ඔබෙ සෙනෙහේ

හද රිද්දනවා රහසේ... 



Previous Next

نموذج الاتصال