Himi Nethi Bawa (හිමි නැති බව) - Chanaka Nagoda

දුරකට ඇවිදින් ආපසු හැරුණට හිත ඔබෙ වෙනස් වෙලා

හිස්වුණ ප්‍රේමයෙ පුදසුන හිමි මගෙ ඔබටයි මියෙන තුරා


හමුවුණු තැන් අපෙ පාරයි හිත මගෙ තාමත් හීන කඩා

එක සැරයක් මට කියලා යනවද වුණ මගෙ වරද ඔයා


හිමි නැති බව දැන දැන

ඔබ වෙත වෙත මගෙ හිත

ඇදෙනවා මටම හොරා

යන්නම් ඈතට කඩවුණු අළුවුණු සුන්වුණු

ඔබ දුන් හීන දරා //


නවතින්න හිතුවාට මගකින් ඔයා

සංසාර අපෙ ගමනට නැවතුම තියා

මට හිමි තැන දුන්නද වෙන හිතකට ඔයා

ඔබ මගෙ කඳුළු තව හිතක සතුටක් කළා


හිමි නැති බව දැන දැන

ඔබ වෙත වෙත මගෙ හිත

ඇදෙනවා මටම හොරා

යන්නම් ඈතට කඩවුණු අළුවුණු සුන්වුණු

ඔබ දුන් හීන දරා //


දිවුරාලා මට දුන්නු සැමරුම් එදා

හදවත් පතුලේ ගැඹුරෙම තැන්පත් වෙලා

හැම රෑක නොනිදාම සිහිපත් වෙනා

මට මගෙ නොවනා ආදරෙ මගෙ

තාමත් ඔයා


දුරකට ඇවිදින් ආපසු හැරුණට හිත ඔබෙ වෙනස් වෙලා

හිස්වුණ ප්‍රේමයෙ පුදසුන හිමි මගෙ ඔබටයි මියෙන තුරා


හමුවුණු තැන් අපෙ පාරයි හිත මගෙ තාමත් හීන කඩා

එක සැරයක් මට කියලා යනවද වුණ මගෙ වරද ඔයා


හිමි නැති බව දැන දැන

ඔබ වෙත වෙත මගෙ හිත

ඇදෙනවා මටම හොරා

යන්නම් ඈතට කඩවුණු අළුවුණු සුන්වුණු

ඔබ දුන් හීන දරා //

Previous Next

نموذج الاتصال