ඇහැක් කොනින් බලලා පෙම් සර ඉගුම් බිගුම් පෑවා
මලින් උපන් කුමරා මල් සර බඹර විසින් විද්දා..//
ජීවිතේ මාගේ නුඹ හැර නෑ සතුටක්
හෙලනා හුස්මක් ගානේ ඉවසුම් නෑ මට නම්
මා හා පානා ඒ ආදරේ ඕනා
ඔය දෑසේ පේනා පෙම් සුවයම දැනුනා
අශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා.. ආ ..හා...
බිදුනු සිත් ගත්තු බඹරෙකි මම
කෙල්ලෙ නුඹත් එක්ක යන්න තව දුර
අමතක කරන්න අමිහිරි මතකය
දැන් කතාවේ ඉන්නේ නුඹ හා මම පමණිය
කෙල්ලේ මය නුඹේ හිත තුල මවන
ආලෙන් වෙලාගන්න හිත නෑ තවම
මකන්න පෙර සිද්ධි හිතේ මැවෙන
කාලේ හරි කෙල්ලේ පිටුවක් පෙරලන්න
කෙල්ලේ නුඹ හැඩකාරයි නුඹ නම් මාරයි
අහු වුනොතින් වසගෙට ඉදලා හමාරයි
හැම රෑම සිහින මැව්වේ නුඹේ හිනාවයි
අද ඉදන් කෙල්ලේ නුඹ මට බාරයි
සැලෙන විට කෙල්ලේ නුඹේ ඔය රැස්
සිහි වුනේ දිලිසෙන නුඹේ ඔය ඇස්
ලං වෙලා කියන්න හිතේ ඇති දොස්
තියෙන හෙයින් පුරවන්න දෙන්න හිතේ හිඩැස්
ජීවිතේ මාගේ නුඹ හැර නෑ සතුටක්
හෙලනා හුස්මක් ගානේ ඉවසුම් නෑ මට නම්
මා හා පානා ඒ ආදරේ ඕනා ඔය දෑසේ පේනා පෙම් සුවයම දැනුනා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආ.. හා...
සැතපුන හීනේ රාගේ
උමතුව දෑසේ මානේ
හැගුම් අවුස්සන රෑ යාමේ රෑ යාමේ රෑ යාමේ
යහන ගිනි ගනී ශෘංගාරේ ශෘංගාරේ ශෘංගාරේ
මා හා පානා ඒ ආදරේ ඕනා
ඔය දෑසේ පේනා පෙම් සුවයම දැනුනා
අශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආශාවේ මායාවේ දැහැනේ මා වෙලිලා
ආ.. හා..