මුනිඳු කරුණා පෑව තරමට
අපට අපි ගැන
තවම හිතිලා නෑ..
සමිදු සරණේ දහම් අරණේ
සිසිල මන්දිරෙ නෑ
දැවී තැවෙනා මහ ගෙදර නම්
යලිදු යන්නෙම නෑ
එතෙර වෙනු මිස දම් නැවෙන් බැස
නැසී වැනසෙන්නෑ
පිනෙන් ලද මේ භවේ අසරණ
වෙලා මිය යන්නෑ
අපට අපි ගැන හදේ කම්පා
තවම ඇති වී නෑ
එලෙස වී නම් තවත් සසරේ
ඇදී යන්නේ නෑ
දියත අනියත සුවේ ගැලිලා
පමා වෙන්නේ නෑ
ලොවේ ගැලිලා පමා වේ නම්
අමා නිවනක් නෑ
මුනිඳු කරුණා පෑව තරමට
අපට අපි ගැන
තවම හිතිලා නෑ..