Dani Danena (දැනී දැනෙන) - Lavan Abhishek x Senali Iddamalgoda

දැනී දැනෙන මෙතරම් හැඟුමන්

කොහෙන්ද ගෙන ආවේ

මැවී මැවෙන අඩවන් දෙනුවන්

නිවන්නෙ සිත මාගේ


ප්‍රේමනීය පෙම්වත් සිතක් 

ලැගුම් අරන් රහසේ

නැවතුමක් නොමැති ජීවිතේ

හමුවුණා ආදරේ


ගිලිහෙන සුසුමක් ගානේ දැනී දැනෙන්න

දෑතින් මා තුරුලු කරන් ළඟින්ම ඉන්න

හෙළනා බැල්මක් ගානේ හැඟුම් විඳින්න 

මැවෙනා සිහිනෙක පවා මැවී මැවෙනින


කුසුමන් සුවඳැති සුසුමන් කෙමි අතුරා

වැළඳ ගන්න මා ජීවිතයම පවරා

දෙනිති පියන් මත හාදු කුසුම් තවරා

රිදුම් නිවන්නම් ආදරයම කොඳුරා

Previous Next

نموذج الاتصال