සද වාගේ පායා හිත්මානේ
මාගේ පෙම් හීනේ සරසාලා
නුඹ කාගේ කොයි ලෝකෙන් ආවේ
ආලේ නෙතු දෑලේ පුරවාලා
මේ සංසාරේ හැමදාම පතනා කෙනා
ඒ නුඹ වේවි හිතුනා තමා
ආලෙන් මා යාවෙන්නා
මා දැන් හිනෙන් මට පේනා
ආසයි ආහ් ආසයි මාහ්
හා දැන් හාදෙන් නුඹ ඕනා..//
රතු රෝස මල් යායේ
හිත ආස උන මාගේ
සංසාර පෙම්වන්තියේ
නුඹ ගාව ඇති ආලේ
දෙනවාද මිහිරාවේ
පුරවාලා හිඩසුන් ලයේ
මේ සංසාරේ හැමදාම පතනා කෙනා
ඒ නුඹ වේවි හිතුනා තමා
ආලෙන්මා යාවෙන්නා
මා දැන් හිනෙන් මට පේනා
ආසයි ආහ් ආසයි මාහ්
හා දැන් හාදෙන් නුඹ ඕනා..//
Rap
සුරඟනක් සරාගී හැඩ ලඳක්
නිතර මට මතක් වෙනවා පැය හැටක්
දෙතොල මදුවිතක් කොපුල මත තිතක්
ලමැද සුරලොවක් නිතඹ බඹ අටක්
බඳ නලවා නලවා ඉඟ හොලවා හොලවා
ඇය යනවා එනවා දැක ආසයි
හැඩ බැලුවා බැලුවා රුව හරවා හරවා
කිරි අලුවා වගෙම සුදු පාටයි
ලස්සන කෙල්ලෙ හිනැහෙන ඇස් හරවාලා
බැලුවම ගැස්සුනු මාගෙ හිත සරසාලා
වස්සනවාද ඔය පෙම මත් කරවාලා දිවියම
සුන්දර වත මට පෙන්නාලා
ආලෙන් මා යාවෙන්නා
මා දැන් හිනෙන් මට පේනා
ආසයි ආහ් ආසයි මාහ්
හා දැන් හාදෙන් නුඹ ඕනා../