Hena Katayam - Dilki Uresha Ft. Mahazona

ඔරවන සැර වාගේ

නපුරුද නුඹ නෑනේ

නුඹ දකින වෙලාවේ

මා පොපියානා


රළු හැඩිදැඩි රූපේ

හිත ඇලවෙන වාරේ

කතරට දිය වාගේ

මා තෙමවානා


හෙන කැටයම්  සැර බැලුමන්

නුඹ මට නම් හරි හුරතල්

ඉඩ ඇති නම් මට පුළුවන්

නුඹ හොයන වාගෙ නිවිච්ච කෙල්ලෙක් වෙන්න


ප්‍රේමේ මට දෙනෝද

බෑ වාගෙ හිතෙනෝද

හා නම් හිනැහෙනෝද

මා දෙස බලලා


හිනැහිලා හෙමින් හෙමින් මගෙ ළඟට එනා

දැක්කෙ දුරින් නුඹේ කොමල සිනා

නුඹද මටම මවපු කෙනා 

ගැළපුනොත් නුඹ මගෙම වෙනා 


මරතොණ්ඩි ඇගේ දෑඟිලි වෙලිලා

පිච්ච මල්මාලයෙන් කොණ්ඩය ගොතාලා

දේවි නුඹ කොහෙන් ඇවිත් මේ පාවිලා

මා වීලා යාවීලා 

ඇස් අස්සෙ තනිවිලා


නපුරු නෙමෙයි මං කීකරු නිසා

අල්ලන්න බෑ මාව වරල ගසා

මැජික් මැජික් කාරි නුඹම තමා

යන්තං හොර පාරෙන් මා හිතට ආවා

Previous Next

نموذج الاتصال