පෙරමං බලා දෙනුවන් අයා
සංසාරේ සෙවණැල්ලක් මෙන් උණුහුම දුන්න නිසා
කවුරුත් එපා ඔබගෙන් එහා
විශ්වාසෙන් දිව්රන්නම් මං සඳ හිරු තිබෙන තුරා
අවධානෙන් ඔබ මා ළඟ රැදිලා මොහොතක් අහගන්න
සැනසීමක් වෙන නෑ මා දන්නා ඔබගෙන් දුර ඈත...
අහංකාර හිත මාගේ ලැගුම් අරන් ඔබෙ දැහැනේ
කියා ගන්න බෝ දේ තිබෙනවා මේ හදවතේ පතුලේ
හිතා ගන්න බැරි තරමේ අනන්තයක් පෙම මනසේ
විලක් වගේ දෝරේ ගලනවා දැන් ලස්සනයි ලෝකේ
අවධානෙන් ඔබ මා ළඟ රැදිලා මොහොතක් අහගන්න
සැනසීමක් වෙන නෑ මා දන්නා ඔබගෙන් දුර ඈත...
කණාමැදිරි එළි අතරේ ඔබත් එක්ක සඳ යාමේ
දුරක් යන්න ආසයි කල්පගානක් දැවටිලා රිසි සේ
දෙනෝදහක් ඇති පොළවේ උතුම් ආදරේ අපගේ
නිධානයක් වාගේ වටිනවා දැන් මතකයක් ගානේ
අවධානෙන් ඔබ මා ළඟ රැදිලා මොහොතක් අහගන්න
සැනසීමක් වෙන නෑ මා දන්නා ඔබගෙන් දුර ඈත....