Mama Pathuwe | මම පැතුවේ - Minura H x Lasith Malinga

මම පැතුවේ ඔබ ලගම

හැමදාම නවතින්න

මතකයට ඉඩ දෙන්න

තියෙනවා තව දුර යන්න

හිත ඇතුලේ ආදරය

සගවාගෙන බෑ ඉන්න

ආදරයෙන් ඔබෙ ලගට වී

ඔබටම අත දෙන්න


හිරැ යනවා අවරට මා

කලුවරට හුරැ වෙන්න

සදට පුලුවනි අඹරටම

දිදුලන එළියක් වෙන්න

තිබෙනා තුරැ ඔබෙ ආලේ

මට ඕනේ රැක-ගන්න

ඔබෙ ලගටම වී ඉන්න

හැමදාම ඉඩ දෙන්න


මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න

ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න

දුක දැනෙනා විට නුඹට

මට තුරැලුව සැනසෙන්න

මට ඕනේ හැමදාම

නුඹෙ තුරැලටම වී ඉන්න


Previous Next

نموذج الاتصال