තව ම නුඹ ගැන හිත හිතා...
මතක පොත මම ලියනවා...
මහමෙරක් බර දුක දරා...
නුවර අහසත් හඩනවා...
කිරිල්ලී.. ඉගිල්ලී...
ගිය දා ඉඳන් තනි වෙලා...
එදා සේ.. සිනාසී...
මට ඉන්න තව බැරි වුණා...
වැව් තලේ රැළි නැගී..
මේ හිත වගේ
සැලෙනවා..බිඳෙනවා...
අහිමි බව දැනී දැනී..
පුරුදු ලෙස
නුඹට හිත බැදෙනවා...
අත් අල්ලන් ආ ගිය විදි පුරා පිය සටහන් නැත මැකිලා...
රෝබරෝසියා මල් සිතලේ හරි ලස්සනට නුවරම පිපිලා...
දුක හංගගෙන එ තැන් වලින් මම ඇස් පියන් යනවා...
වැව් තලේ රැළි නැගී..
මේ හිත වගේ
සැලෙනවා.. බිඳෙනවා...
අහිමි බව දැනී දැනී..
පුරුදු ලෙස
නුඹට හිත බැදෙනවා...