නෙතට තනිය දැනිලා
බලන සද මැවි මැවි
නුඹ පෙනෙනා
නිසල හදක පෙම
කොහොම කියන්නද?
නුඹ බොලදයි මැණිකා
දෙනෙත කදුළු පිරිලා
මියෙන හද
කවුළු පියන් වැසුවා
දිලිසෙන පිණිකැට
දොරකඩ තෙමුවද
මුනිවත ඇයි මැණිකා
පරවුණු මතකය යලි පිපිලා
නුඹවම සොය සොය හිත බිදිලා
වෙන අහසක
පායන් සොබනා
මදකට මුනිවත
ඉවත දමා
මම අසරණ බව
කොහොම කියන්නද
නුඹ පිටවෙයි මැණිකා
අද හිමිනැතුවට නුඹෙ අත
අරගෙන පෙරදින
මම සිටියා