නොපිපි ප්‍රේමයේ | Nopipi Premaye - Sashrika Semini

මැකිලාම යන්නැති මතකන්

තවම මා හිත ලග තියන්


හූල්ලන හැටි රෑ පුරාවට

අනේ නුඹටත් දැනුනා නම්

අනේ නුඹටත් දැනුනා නම්


හීන බොද වෙන හැටි බලන්

ඉන්නේ කොහොමද මට කියන්


රිදුන මගේ හිත හදාගන්නට

ඉකිගැහුවා මං ඇති තරම්

ඉකිගැහුවා මං ඇති තරම්


නුහුරු තනිකම ආයෙමත්

හිතට වද දෙනවා ඇවිත්


නිවෙන්නට මොහොතක් යලිත්

නුඹ මගේ ලග හිටියා නම්


මා නුඹට පෙම් කල තරම්

යන්තමට හරි දැනුනා නම්


නොපිපි ප්‍රේමයේ මල් අරන්

ඒවි නුඹ මාවම සොයන්


ඉතින් රහසින් කියනවද මට

හිතේ තවමත් ඉන්නව ද මම….

Previous Next

نموذج الاتصال