රෑ හීනෙන් මට පෙනුනා
සද කවුරුන්දෝ හෙව්වා
නොකියම යන්නට හැදුවත්
නුඹ වෙන් වී මට ඉගි දැනුනා
යලි නොයෙනා බව කීවා
මගේ හදවත ඉකි බින්දා
නුබේ සුවද ම තවමත් දැනි දැනි
මගෙ හිත නුඹවම හෙව්වා
එක මොහොතාක් එන්න සොයා
නාවත් මං නෑ තරහා
නුඹ නැති මේ අහස ම පාලුයි
දැන් මට තරු දුක කීවා ..
ආදරයෙන් මා තවරා
නුඹ ඈතට ම යනවා
සිහිනෙන් වත් ඇවිදින් තුරුල්
වෙන්න මට ආදරෙයි කියා
හරි ම කලුවරයි අහස ම
කදුලුත් නැහැ අඩලම
නුඹ නැති මේ පාලුව
දරාගන්නට මට තව බැ
එදා අපි මැව් හීන අතර නුඹ
කෙලෙසද තනි කරේ මාව
මෙලෙස අද
නිතර ම නුබේ තුරුලේ ම හිටි මට
නුහුරුයි තනිකම හරිම දරුනුවට
කියදෙන්නට තිබුනා නුඹට
මං කොහොම දරන්නද
නුඹ නැති පාලුව
වැස්ස නිසා නුබ දැක්කෙ නැ
කදුලු හංගන්නම් මං තව
හංගන් හිටියට මේ දුක දැන්
මාව දැවෙනවා
නුඹ හමුවුනු දා ඉදලා වෙනකෙකු
නෑ මම පතලා නුබේන් ම විතරක්
සැනසෙනට මට හරි ආස වුනා
අමතක වෙන්නට දෙන්නෑ
නුබේ හාදු මට තව නෑ
හමුවුනොතින් තව එක පාරක්
නුඹ මට යන්නට දෙන්නෑ
එක මොහොතක් එන්න සොයා
නාවත් මං නෑ තරහා
නුඹ නැති මේ අහස ම පාලුයි
දැන් මට තරු දුක කීවා
ආදරයෙන් මා තවරා
නුඹ ඈතට ම යනවා
සිහිනෙන්වත් ඇවිදින් තුරුල් වෙන්න
මට ආදරෙයි කියා ..