Verse 1
ඉස්සරම උන්නු නුඹ
හන්තාන වගෙ ය
නුඹට අමතක ම
මම ආදරේ වග ය
Verse 2
මතක අහුලන ගමන්
මම අතරමග ය
නුඹට මගහැරුණු මුත්
නුඹ තාම මගෙ ය..!
Verse 3
සොඳුර, මේ සෘතුවේ
අමාරු ම දවස් ය
සතුට යැයි කියන්නෙ ම
නුඹ උන්නු හවස් ය
Verse 4
අතින් අල්ලන් ගියේ
මාවතේ මගක් ය
ඉතින් දැන් අපි අතර
නො පිරවෙන හිඩැස් ය