Verse 1
ගිනි ගින්දර රූපෙ වශී වෙන
ගී ගන්තෙරෙ මූනට හමුවෙන
වැට අද්දර මල් මිට සුපිපුන
සුදු කෙල්ලේ දෙනවද සෙනෙහස
රුම් රුම් නද දෙතොල් නගින් අද
රෑ තුන්යම කෝලම් නැගුමට
සදපානට බැබලෙන මල්දම
වෙස් මූනට මොකටද වයසට
ගිනි ගින්දර රූපෙ වශී වෙන
ගී ගන්තෙරෙ මූනට හමුවෙන
වැට අද්දර මල් මිට සුපිපුන
සුදු කෙල්ලේ දෙනවද සෙනෙහස
රුම් රුම් නද දෙතොල් නගින් අද
රෑ තුන්යම කෝලම් නැගුමට
සදපානට බැබලෙන මල්දම
වෙස් මූනට මොකටද වයසට
සදපානේ ඇවිදන් යන්නට
ඔබේ සියුමැලි සුදු වත දෙනවද
විල්ලුද මල් හාදු පුදන්නද
කිති කැවුනද දෙකොපුල් නිතරම