ප්‍රේමයක් තිබුණා | Premayak Thibuna - Senanga Dissanayake

ප්‍රේමයක් තිබුණා

අහසක් තරම්


ප්‍රේමයක් තිබුණා

සසරක් තරම්


හද පාරවපූ

යළි නළවාපූ


ප්‍රේමයක් තිබුණා

අහසක් තරම්


ප්‍රේමයක් තිබුණා

සයුරක් තරම්


ආකාසේ තරු

පියුම් යායෙන්


නෙළාන ඇවිදින් ආදරේ

පත් ඉහිරී ගිය හදවත් අරඹේ


ළා දළ ආදර සිරි මැවුවා

ඒ වූ අතීතේ අහසක් තරම්


ප්‍රේමයක් තිබුණා හිත නලවපූ

කවියක් වගේ


හන්තානේ කඳු සිඹ සිඹ හමනා

මාරුත රැලි දෝතෙහි සඟවා


දාහය දා බිඳු නගනා මහදේ

පෙම්බර සිහිලැල් රැල් නැගුවා


ඒ වූ අතීතේ අහසක් තරම්

ප්‍රේමයක් තිබුණා


හිත නලවපූ

කවියක් වගේ

Previous Next

نموذج الاتصال