රඟමඬල තාම තරුණයි | Rangamadala Thama Tharunai by Malith Perera

කප්පරක් පෙම් කළා

දැනුණේ නෑ නේද?

හිරි වැටුණු ඕලු මල්

පිබිදෙන්නේ කවදාද?

මට වඩා දැනෙන්නට

ඔහු හාදු දුන්නාද?

රිද්දන්න බැරි කමට

දැණෙනවා කියනවද?


පෙම් කළා කිව්වාට

පෙම් කළා වෙනවාද?

තරු එළියෙ පිපුණු මල්

හඳ එළියෙන් මැරුණාද?

ඔහු හාදු දුන්නෙ හිතටයි

ප්‍රේමය ගින්දරද?

වැඩිපුරම රිදෙන්නේ

කොයි හිතද දන්නවද?


මගෙ වගෙම ඔය හිතේ

තාම මං ඉන්නවද?

ඊයෙ රෑ වගෙ හෙටත්

ඔහුගෙ නම මුමුණයිද?

නා දලු වතුරෙන් තෙමුණ

කෝල ඒ රැය මගෙද?

මගෙ රූබර නිළියේ

ආදරේ රැගුමක්ද?


මගෙ නමම ඔබෙ නමට

ලීවත් තව මදි නේද?

රෑ දකින හීන ගැන

දිවුරන්නට පුලුවන්ද?

නොකියම ඉන්නම් ප්‍රේමේ

මෙතරම් සිල්ලරද?

රඟමඬල තාම තරුණයි

යන්නම අවසරද?

Previous Next

نموذج الاتصال