නිදිකුම්බා මල් පොඩි වී තිබුණා වැව ලග මහ හේනේ
අමාවකේ රෑ පොලොව බදාගෙන දුක් වරුසා වැටුණේ
මහ බැද්දට නෑකම් කී මිනිහෙක් හුස්ම හෙලා අදුරේ..
කාටත් නොපෙනුන ඒ අවනඩුව
උඩ ඉන්නා දෙයියන්ට නොපෙනුණා පුදුමයි
උළ ලේනෙක් රෑ කෑ මොර තැලුවා
රෑ ජාමේ හිත එහෙ මෙහෙ දිව්වා
අපේ දෙයියෝ හේනේ...
අපේ දෙයියෝ හේනේ...
කමිස සාක්කුවේ යට හිත පතුලේ
මහ මෙරකට දරු සෙනෙහස තිබුණේ
ඇතෙක් විසින් බිම දැමු ඇතා
මේ තමයි අපේ දළ ඇතා
රැහැයියනේ නුඹලාට ඇහුණාද
මා වවුලනේ මර නින්දේ හිදියාද
අපේ දෙයියෝ හේනේ...
අපේ දෙයියෝ හේනේ...
කුරහන් රකින්නට ගිය අපේ තාත්තා
ඇතෙක් ලගදි පැරදුණු ඇතු තාත්තා
කුරා කූඹියෙක් නොමරපු තාත්තා
අලි වැට ඉතිරිකළ කදුළයි තාත්තා..