MR VIDU - Jala daare

Hook -

ම්ම්ම් දිවි ගෙවු ජලදාරේ

තනිවුනු ඒ කාලේ

මගෙ මතකය පාරේ යාවුනා ...


ම්ම්ම් පඩි කදු නැග ආවේ

අපෙ දිවිමග සාදේ

මදුවිත දුම ගානේ පාවුනා ...


1st Verse -

රැකියාවේ ආරම්බේම බෙදන් උන්නේ පිලමුන්

විසිකරනෙක බිව්වත් පන්නා දැම්මා බීලා මුන්

 වැඩ කරෙ වගෙ ගොරකා කාපු රිලවුන්

ඉදුල් ගද තමා ඇගේ තිබු සුවද විලවුන්


ජීවිතේ පෙරලුම 2019

රෑකදි දැක්කගමන් Cop ලා පන්නයි

අත්තම්මට බොරු කීලා මිස් උනේ කන්නයි

මට ඕනේ අදටත් ඒ මතක මකන්නයි


දේවදත්ත වගේ හැත්ත කියනේවා පාගලා ඒක

හින හින්දා කෑවා කට්ට රෑ වගේම දාවලේක

බෑකියාපු නෑයො හැත්ත නයාට අදු මාවල් එහෙක

සාක්කුවට සල්ලි හින්දා දෑස් වලට නෑ විවේක


ලෙඩාට බෙහෙත් නැතත් කුලී ගන්නෙ වෙදානේ

බෝඩිමේම ගැටකපන්නෙ නින්ද නැතුව නිදානේ 

කොලුගැට කාලෙ අහිංසකයා හිගා නොකා හිගානේ

ඇල්ලුවා කෑම සාරංගට හේමාල්ට පිගානේ 


ඉතිරිකිරීම් පටන් ගත්තෙ බස් වියදම් ගාස්තුවෙන්

පන්සිල් පද කඩාගෙනයි ආදායම් නාස්ති උනේ

සාපෙලින්ද පාස් උනේ , ඉපදීම දෙදාස් තුනේ

එකෙක්ව හරි අඩවතහැකි මේ සින්දුවෙ බාස් තුනෙන්


ඕනතරන් අපි මලපන්නන් ඇති හැබැයි කට පියන් කන පලන් ඇති , මොන බරත් කර තියන් අරන් යති හීන හින්දා අගුලු මන්නං පලයන් යති , පොඩි එකා ලොකු වෙන්න බලන් කති ලොකු වෙද්දි කදු පල්ලන් ගනන් ඇති ,

මට නෑනෙ හති හීනෙට කැමති ආත්මෙට පැවති යටකරන්න ඇති


එකම ක්‍රියාව දෙවිදියකට පෙනේරෙන් වගේම කුල්ලෙන් ,

මොන හාලෙත් හිටියනේ ගුල්ලෙක් , මම වෙන් නැඩො බයගුල්ලෙක් ඔය හොලවනකොට මුන්ලේ, සල්ලි හරකා මං කිනිතුල්ලෙක්.

මට අඩිගාන කියතහැකි ගෙදෙට්ට ඉදලා බත්තරමුල්ලේ


Hook -

ම්ම්ම් දිවි ගෙවු ජලදාරේ

තනිවුනු ඒ කාලේ

මගෙ මතකය පාරේ යාවුනා ...


ම්ම්ම් පඩි කදු නැග ආවේ

අපෙ දිවිමග සාදේ

මදුවිත දුම ගානේ ම්ම්ම් නන්නාරේ නා ම්ම්ම්

මදුවිත දුම ගානේ පාවුනා ...


2nd Verse -


මුදල්නම් හම්බකරත් _ පිරෙන්න සාගරේක

පලක්ද නැත්තන් ලග වටිනාකම් ආදරේක

ආච්චි ඇස් වහද්දි තනියෙන් එහෙ පාලර් එහෙක

දුකක් නැතුව කොහෙ ඉන්නද කොහොම හිතින් වහලා ඒක


යන්න තිබ්බෙ එකපාරයි නැවත් මුහුදු බාත් වේ

ඇගිලි කපන් උන්නත් අංගුලිමාලත් රහත් වේ

ලෙඩක් හැදුනගමන්ම මට මිත්තනි බෙහෙතාක් වේ

ප්‍රසිද්ද හින්දද එන්නෙ මං ගාවටාද තාත්_


මැදුරක ඉපදන්මුත් මැද කටුකයි මේ ගීයෙ

කම්මලෙ තැලුනට වඩියෙන් මුවහත් මට මේ පිහියේ

වෙන් කරා මං කිරි දීයෙන් , ඔයා වෙනුවෙන් නන්ගියේ

අපිට කන්න දෙන්න මොන දුකක්ද වින්දෙ ඔයා සීයේ


අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති

රැකියාවත් පිනක් මගෙ හුගක් උන්ව හිනස්සති

ආසාවට තැන දෙද්දි පවුල් නෑයො හරස්වෙති

මම අතේ වීනාව අම්මා වෙද්දි සරස්වතී


නොහාපන්කො පිරිමියෙක්ගෙ දෑස් ඔහොම බර වී ඇයි

බුදුන්ට පිදු මලක් පවා වරු ගානින් පර වී යයි

භවේ දුකා මරනීයයි , අරමුනු කථකරනීයයි

නවිදු මැරෙයි දවසක මුත් වි විදූ අමරනීයයි !!!

Previous Next

نموذج الاتصال