අභිමානය - Abhimanaya | Thushara Joshap

කරනා සටනේ ජය නියතයි නෙතු මානේ
අප පමා නොවි එකමුතු වී දෙමු සහයෝගේ
නෙතු නොනිදා දිරියෙන් රැකගන්නට මේ දේශේ
වෙර දරනා විරුවනී ඔබටයි මේ උපහාරේ

අප වෙනුවෙන් දිවි හිමියෙන් 
නොපෙනෙන සතුරන් හා මේ
නිති ගැටෙනා සොයුර නුඹයි
ලක්මවගේ අභිමානේ

රුදුරුයි සතුරා වියරුව දිව යයි මේ කාලේ
එය පරදාලමු නිසි අවබෝධෙන් මිතුරානේ
දුරලාමු මිනිස්කම් වාද භේද හැම වාගේ
අප ජයගන්නට යන සටනට සහයයි ඕනේ

එකම සිතින් එකමුතු වී
යළි පුබුදමු අප දේශේ
ලොව පසුබසිනා විටක වුණත්
නොසැලෙයි ලක්මව මාගේ

Previous Next

نموذج الاتصال