බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා - bulath hurullata | Ajith Muthukumarana

බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා
ඔබෙ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා
මේ පුතාගෙ දිව්‍ය ලෝකෙ වෙන කවුරුත් නැති හන්දා
මංගල දවසෙත් ඔබෙ ගුණ සිහි කර කර මං වැන්දා

නැහැ ඔබ අද මගෙ ලස්සන දකින්නට 
මගෙ අත ගෙන පෝරුවෙ නග්ගවන්නට
කල කී දේ මා මිනිසෙකු කරන්නට
අප්පච්චියෙ බෑ අමතක කරන්නට
 
අවසන් මොහොතේදි ඔබ කියු වදන් පෙල
යන්තම් වත් නෑ හිතකින් ඈත් කර
අම්මයි නංගියි ඇස් දෙක වගෙයි මට
කවදාවත් දෙන්නෑ දුක් විදින්නට
Previous Next

نموذج الاتصال