හිත අස්සට හීන ගොඩක් - hitha assata heena | Athula Adikari

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
Previous Next

نموذج الاتصال