ඉස්සන් මගුරන් - issan maguran | Anton Jones

ඉස්සන් මගුරන්
ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි ගන්නකො යාලූ

සිලිං තුනයි වැල 
උඩහ ගෙදර මැගි 
අක්කට මේදැන් වික්කේ
සත 10ක් අඩු කරලා දෙන්නම් 
ගන්නවාද මැගි අක්කේ..//

ඉස්සන් මගුරන්../

වලපොතු මාලුවො 
ඇග ලේ වඩවයි
මම නෑ කියන්නෙ බේගල්
කේවල් කර කර ඉන්නේ ඇයි තව
ඔතාලා දෙන්නද මේවල්..//

ඉස්සන් මගුරන්../

හෙට්ටු කරලමයි
වලව්වේ හාමුගෙ
නෝනා නිතරම ගන්නේ
තුට්ටුවෙ වාසිය වත් මට ලැබෙන්නෙ
ඔහෙලා වගෙ අයගෙන්නේ..//

ඉස්සන් මගුරන්..//
Previous Next

نموذج الاتصال