මගේ නංගිගේ කඳුලු වලින් - mage nangige kandulu | Ajith Muthukumarana

මගේ නංගිගේ කඳුලු වලින් 
මුතුපොට අමුණා
ඔබේ කුමරිගේ ගෙල පැලදුවෙ 
පෝරුවේ රන්දා
ඒ කදුලු යාලුවේ මුතු පොටකි 
අද ඔබේ
ඇගෙ සුසුම යාලුවේ පවනක්ද
අද ඔබේ........

මගේ නංගි එදා ඔබට පිදුව 
පෙම් කුසුම් 
ඔබෙ දෙපයට පොඩි උනාලු
නොපිපෙන විලසින්
ඔබ එතැනින් තවත් මලක
සුවඳ පැතුවනම් 
පින් සිදුවෙයි මගේ නංගි 
මරල දැම්මනම්........

ලිපේ ඉදෙන බත ගිලින්න
උගුර දෙන්නැතී
හිතේ තියෙන දුක අහන්න
දෙවියො උඩ නැතී
ඔබේ ලොවට සාප දෙන්න
නංගි දෙන් නැතී
අපේ හිතේ ගින්දර නුබෙ 
සතුට වෙන්නැතී
Previous Next

نموذج الاتصال