නිල් නුවන් පියවිලා - nil nuwan piyawila | Athula Sri Gamage

නිල් නුවන් පියවිලා ‍
රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා
එන්න දේව් ලියේ
හදවතේ ‍රැඳී
ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා
යහන් තලාවේ

සෝ තැවුල් නිවා දමන්න
මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල්
මිහිරි ගීතිකා
ඈත මං තලේ
දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා
මතකේ රන්දා

ඇඟිලි තුඩින් ලියා එවන
කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා
යයි නිමක් නොවේ
ඈත මං තලේ
දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා
මතකේ රන්දා
Previous Next

نموذج الاتصال