පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනී - pema patha iaranneoa | Ajith Muthukumarana

පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ඇගේ සිත බැදුනී
ඈ අත හරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී //

යෞවනයේදි උපදින පෙම් සිහින
දිග පළලක් නෑ ඇති නැති වීම
මා ආදරයේ දෙවියෙකු වීම
ඇරඹුනු තැන ඇයගේ හමුවීම //

පොත පතටත් අපි හරිම ආදරෙයි
අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
වැරදුනොතින් ජීවිතය පාලු වෙයි
දන්නා තරමට නපුරක් නොම වෙයි //
Previous Next

نموذج الاتصال