රාධා - raadhaa | Amarasiri Piris

ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා

ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා
මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා
පුර හදට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා
මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා

ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා

ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

මලක් වෙලා අර අතු අග නෙපෙනී රාධා
මා ලගම පිපි සුවද දිදි හිදින්න රාධා

ජීවිතයම ගිනියම් වු දීර්ගතම රාත්‍රීයයි මේ රාධා
Previous Next

نموذج الاتصال