සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ - sada nawath kamak nathe | Asanka Priyamantha

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ 
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ 
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ 

කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට 
මහලු මඩම දඟ ගෙයක්‍ ය දඟ ගෙයි ලෑමට
එකම වරද නුඹේ පියා වයසට යාමද

පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට 
හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට 
මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට 
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට
Previous Next

نموذج الاتصال