සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි
ඇඟිලි පටලා – සිටිය කාලේ
අපිව දුර නෑ – කියා දැනුනේ
තනුව උදුරා – සොඳුරු ගීතේ
දවස ඇයි මේ – නපුරු වූයේ
කඳුළු පිරුණු – දෙනෙත ඔබගේ
බලන්නට බෑ – දුකයි දැනුනේ
අහිමි වූවා – ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී – උරුම සෙනෙහේ