සුසුදු සුදු හංස විලේ - susudu sudu hansa | Amal Perera

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ

කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී 
මා මන්දෝදරියේ

උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී
මා මන්දෝදරියේ

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ
Previous Next

نموذج الاتصال