සමනළ කන්ද වගේ දරු පෙම කර තියන්
දහඩිය මුතුවලින් බත සරි කරන්
නොසිදෙන සයුර වගේ සෙනෙහස උතුරමින්
දිවියේ පවුර තැනූ තාත්තා මගෙ බුදුන්
නපුරුත් උනා තමයි වරදට සැර වෙලා
නොසැලෙන ඉන්න වගේ සැඩ පහරේ නොයා
යහ මග පේන දුරින් ගෙනිහින් නවතලා
නුබෙ කුසගිනි නිවුවේ දරු පෙම පුරවලා
රතු ලේ කිරි නොවුනට පපුවේ හංගලා
දරු සෙනෙහස තිබුනේ මහමෙරකට වඩා
දෙවියන් බුදුන් වදින ගාතා මතුරලා
වැද වැටුනේ රකින්න තාත්තා දිවිතුරා