හිරු දෙවියෝ | Hiru Deviyo - Chamara Ranawaka

හිරු දෙවියෝ තරහ වෙලා

තාම අවේ නෑ

කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ

මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ

අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ


හිරු දෙවියෝ තරහ වෙලා

තාම අවේ නෑ

කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ

මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ

අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ


කෙනෙකුට සැප ඇති කාලෙට

තව කෙනෙකු දුකේ

සංසාරේ හැටි මෙහෙමයි

බුදු වදන් හැගේ

පෙර කල පව් තව පියවි නැතිවෙලා වගේ

හිනාවෙන්නෙ කෝහොමද

උඹ කියාපන් පුතේ


හිරු දෙවියෝ තරහ වෙලා

තාම අවේ නෑ

කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ

මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ

අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ


වතුර බිංදු උදලු මිටදී

ගේ බේරෙද්දී

පය දියවී උදලු තලේ

මඩ ගෑවෙද්දී

මං එනකං බඩ ගින්දර

උඹ උහුලද්දී

පොලොව කැපෙයි අඩමින්

පස් තට්ටු බුරුල්වී


හිරු දෙවියෝ තරහ වෙලා

තාම අවේ නෑ

කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ

මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ

අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

Previous Next

نموذج الاتصال