ලක්මව්නී | Lakmawuni - Dhanith Sri, Ridma, Supun Perera, Mihindu, Kanchana, Ranga & Various Artists

[Ridma]

විකසිත වී නිති

එකමුතු වී

සවිබල පා සැම

එඩිතර වී


[Ranga]

රුහිරය දී දිනු

ලක් මව්නී

ගරුකල සේ නුඹ

සෙවනෙ හිදී

දරුකැල සේ නුඹ

සෙවනේ හිදී


[Dhanith]

පියමනිනා

රළු මාවත දිගේ

ජය ටැබ වේ

දද බදීනා දිනේ


[Supun Perera]

නිම නොවෙනා

හද මඩලේ සෙනේ

නිති සැදුනේ

එක මව්නේ


[Kanchana]

බිද දමලා රළු

පවුරු බැදී

මිතුදම වේ අප

අතරෙ සැදී


[Supun Perera]

මනු දෙරණේ

නොම නොගැටි අපී

ලොව දිනමූ සිහ

ජය ගොස දී


[Ridma & Kanchana]

ලොව දිනමූ සිහ

ජය ගොස දී


[Ranga]

පියමනිනා

රළු මාවත දිගේ

ජය ටැබ වේ

දද බදීනා දිනේ


[Dhanith]

නිම නොවෙනා

හද මඩලේ සෙනේ

නිති සැදුනේ

එක මව්නේ


[Fawaz]

රතු රුහිරේ ලයෙ

සැරුවේ අපේ

කුමකට දෝ පිල්

බෙදිලා මෙසේ


[Heshan]

ලග දකිනා නෙතු පිසදාලා


[Prageeth]

අපි සැවොමා එක රැහැනේ වෙලී


[Ranura]

අපි සැවොමා එක රැහැනේ වෙලී


[All Togethe]

පිය මනිනා

ජය මාවත දිගේ

අපි සැවොමා

එක් වී

Previous Next

نموذج الاتصال