පෙම් පාට වෙලා | Pem Paata Wela - Chillie

පෙම් පාට වෙලා…

සිත් යාය පුරා…

රතු මල් ගවුමෙන්

සිරියාව වෑහුණා…


රෑ සිහින නෙලා…

පෙම් පැතුම් මවා…

බලා උන්නු කාලේ

දැන් උදා වෙලා…


වෙල් යායෙ හමනා

කිරි කෝඩු සිනහා…

ආදරේ හැගුම් වත් කලා…


ලා දම් අහසේ

පියඹන්න රිසිසේ…

ආසයි හැබැහින් රහසේ…


ආදරේ වාරම් ගයාලා…

ජීවිතේ තෝරා බේරා…

ආදරේ විදිමු ලං වෙලා……


හැන්දෑවේ දොළ පාරේ…

දැවටිලා පවනැල්ලේ

ඇවිල්ල සිපගන්නම් සබදේ……

ජීවිතේ මල් යායෙ

සැනසෙන්න ඔබ තුරුලේ…

ආසයි මටත් දැන් ඉතින්


ආදරේ වාරම් ගයාලා…

ජීවිතේ තෝරා බේරා…

ආදරේ විදිමු ලං වෙලා…


පෙම් පාට වෙලා…

සිත් යාය පුරා…

රතු මල් ගවුමෙන්

සිරියාව වෑහුණා…


රෑ සිහින නෙලා…

පෙම් පැතුම් මවා…

බලා උන්නු කාලේ

දැන් උදා වෙලා…

Previous Next

نموذج الاتصال