සමනලියා | Samanaliya - Asanka Sahabandu ft. Kaizer Kaiz

අවා සොයා මගේ සමනලියා

එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා

සැනෙකින් මා මග හැර කාටත් හොරා

හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා


ඔබ හිතුවත් හිත වැටුනේ නෑ කියා

නෙත් මාවත් ගෙන ඔබ වෙතම ගියා

නොදුටුව සේ සිටියත් අහකම බලා

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා


අවා සොයා මගේ සමනලියා

එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා

සැනෙකින් මා මග හැර කාටත් හොරා

හැඟෙන්නට බැරි වෙයි මගෙන් සදා


හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා


පෙම් එක එල්ලේ ඔබට මා

මා ගැන හැඟුමක් කෙල්ලේ ඔබට නෑ

සුළඟක් සේ යනවද අහකට හමා ?

දැලකින් වහලා නවතා ගන්නේ නෑ ඔබව මා

දැලකින් වහලා නවතා ගන්නේ ඇයි ඔබව මා ?


අවා සොයා මගේ සමනලියා

එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා

සැනෙකින් මා මග හැර කාටත් හොරා

හැඟෙන්නට බැරි වෙයි මගෙන් සදා


හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා


සමනලී කියන්නෙම මමලු පලි

නුඹේ අත්තටු කැපුවද ගියත් වලි ?

හැමදාම මම වැරදි ඔයා හරි

සිංහයෙක් ඉද්දි ඇයි පස්සෙන් යන්නේ නරි ?


නුඹේ හිතේ මට ඉඩකුත් නෑ

දාල යන්න මට හිතකුත් නෑ

ළඟින් හිටපු මට කවුරුත් නෑ

ඒත් හිතේ කොනකවත් තරහක් නෑ


සුන්දරි ඒත් හිත ගින්දරී

හැඩ වෙන්න ගිහින් වුනා හැඩි

ආදරේ නිසා මම වෙලා මැඩී

පිස්සෙක් වුනානේ මම නින්ද නැති


අවා සොයා මගේ සමනලියා

එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා

සැනෙකින් මා මග හැර කාටත් හොරා

හැඟෙන්නට බැරි වෙයි මගෙන් සදා

Previous Next

نموذج الاتصال