තරු නෙතුගාව සසැලිච්ච සසරාදරේ
සිතුවිලි අයිතිකරගත්ත ඔබටයි සිතේ
නිති දැකගන්න නැතුවාට සිතැගී ලෙසේ
දුර නෑ දවස ඔබ එන්න තුරුලට මගේ
ඉවසා ඉතින් ඉන්න සුරැකී තුටින්
ඔබට තනිවෙන්න නෑ දෙන්නෙ කිසිදා දුකින්
රෝස මෘදු දෙකොපුලේ
පහස සඳ සිහිල සේ
මටම හිමිකාරකම් කීව ඔය මදහසේ
වටිනකම සෑමදා එක වගෙයි මට නගේ
රිදන දෛවයම මේ
දිනක සැනසුම ගෙනේ
යලිදු බෑ ගන්න ඔබ ගාව පිදු ජීවිතේ
රකිමි පෙම සෑමදා මම මගේ පණ වගේ
