Visekari - Bachi Susan

අනුරාගී නුවන් හිමිකාරී

උන්මාදී හැඟුම් මට දේවී

සිපගන්නටදෝ ලංවී


විසේකාරී


ශෘංගාරී දෙතොල් නලියාවී

හැඩකාරී සැනින් මත්වේවී

සුරලෝකේ ඉඳන් ආවාදෝ


විසේකාරී


ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ

හිත ඔබ ගාව නවතී වගේ

ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ

මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ


මායම් රූ නාරී විසේකාරී

සායං ගෑ දල්ලෙ රසේ දේවි

කෝලං පෑ දෑසේ රැඟුම් පාවි

හීලෑ නෑ ආලේ විසේකාරී


කවිකාරී තෙපුල් මුමුණාවී

සඳයාවී උකුල් සුවදේවි

අදහන්නට බෑ පුදුමය


විසේකාරි


මනලෝලි දසුන් ඉගිලේවි

ඳගකාරි සිතුම් උතුරාවි

ඔබ කාගේ කවුරුන්දෝ


විසේකාරි


ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ

හිත ඔබ ගාව නවතී වගේ

ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ

මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ


මායම් රූ නාරී විසේකාරී

සායං ගෑ දල්ලෙ රසේ දේවි

කෝලං පෑ දෑසේ රැඟුම් පාවි

හීලෑ නෑ ආලේ විසේකාරී


දේදුන්නයි ඇ මා මුවැත්ති

ඔව් ඈ හරි රුවැත්ති

ඔබ මා මුදු හිතැත්ති විසේකාරි

ඔබ ලඟින් ගෙවි යන වසන්තේ

පෙම් හැඟුම් ගලායයි අනන්තේ

හිත මගේ අරන් හැංගෙන්නද


විසේකාරි


ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ

හිත ඔබ ගාව නවතී වගේ

ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ

මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ


මායම් රූ නාරී විසේකාරී

සායං ගෑ දල්ලෙ රසේ දේවි

කෝලං පෑ දෑසේ රැඟුම් පාවි

හීලෑ නෑ ආලේ විසේකාරී

Previous Next

نموذج الاتصال