උන්මාද රූමතී | Unmaada Roomathi - Sandeep Jayalath Ft Pasan Liyanage

 ගමන මන ලෝලී 

නුඹද සුර නාරී 

අනඟ දුනු හී දෙන්නා 


බඹර සර නෑසූ 

තඹර මල මේ දෝ 

කුමර සිත පීදෙන්නා 


සඳසේ කැල්මැති - දිලිසේ තොල්පෙති 

දැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේ 

ළමැදේ නිම්නෙහී - සැතපේ නෙත් රැඳී

රහසේ එන්න රෑ තරු ද නින්දේ හිඳී 


උන්මාද රූමතී - ශෘන්ගාර බෝමැති

සංසාර දිගු දුර්ගේ - තව ගව්වක් තනන්නි //


දිගටි අතැඟිල්ලේ 

සිලිටි සියුමැල්ලේ

නියද පැහැ නා දල්ලේ


නිතඹ නැළවිල්ලේ

හිතම කැළඹිල්ලේ

සුරඹ නුඹ සැනසිල්ලේ 


සළුවේ මල් පිපී - සුවඳේ නිම් නැති 

ශ්වේත සයුරේ ද දෝවන්නෙ ඔය පා පොඩි


සුළඟේ සිල් බිඳී - වරලේ රැල් සිඹී

හංස රැඟුමේ සියුම් තාල විඳිනා වෙලී


සිත්තරී සේද හීනේ අාදරේ පාටදෝ ගෑවුනේ

මත් කෙරූ රූප නාරී මේ සුවේ නෑ රැඳී මීවිතේ



Previous Next

نموذج الاتصال