ආදරෙන් ලං වුනූ බොරුකරලා ඈත් වුනූ
මුදලට හිත පිදූ ආදරේ කොටසක් කෙරූ
මමත් රැවටුනු තවත් හිත් ගොඩක්ම රැවටූ
වෙන්දේසියක් වගේ ආදරේ සල්පිලක් කෙරූ
ආදරේ කියලා සෙල්ලම් කෙරුවා මගේ ආත්මේ උකස් තියා
සතුටුද ඔයා රැවටුනු නිසා රැවටුනා නෙවේයි විස්වාස කලා
මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව
අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම
එක සිතින් හිටියා නම් ආදරෙන් අදත් මගේ රත්තරං
රැජිණියක් වගේ ඉන්නට තිබුනා ආදරෙන් මගේ ලගින්
පවට පින දෙන්න බෑ හිරකරලා තියාගෙන පලක් නෑ
ඔයා අන්සතු වුනත් මින් මතූ මගේ කිසි තරහක් නෑ
මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව
අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම
ඔබේ වැරදි දැන දැනත් ඉවසුවා බොහෝ කාලයක් මං
හැදුනේ නෑ ඔයා නම් වැරදි කෙරුවා තව තවත් මට හොරෙන්
පව් ගොඩක් කර ගහන් විදවනදාට මගේ රත්තරං
ඔයා සනසන්න හිත හදා යන්න මාත් නැති වෙයි ඉතිං
මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව
අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම