සිහිනයකි ඔබ | Sihinayaki Oba - Bandara Athauda Ft Niranjala Sarojini

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා…

සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා…


ඉරකි ඔබ මට සඳකි ඔබ මට

කිසිදු කිසි විට සමු නොගන්නා…

සයුරු රළ ඔබ ඈත සමුදුර

සයුරු තෙර මා හමුවනා…


යුග ගණන් අප වෙන්ව ආ මග

සොඳුරු නිම්නෙක එක්වෙලා…

දුක් සුසුම් නැති අපේ ලොව තුළ

සිනා මල් පෙති විසිරිලා…


හිරුට තනි නැත සඳුත් නැත තනි වී

එකම අහසක හමුවෙලා…

ලොවම සසලව බලා සිටියාවේ

යලිදු අප හද ලංවෙලා…

Previous Next

نموذج الاتصال