සිරගතකළ සිතුවිළි | Siragathakala Sithuwili - Ayeshmantha Ft OO Seven & Zany

(You are all I want

I don’t mind giving you

My love


You are all I want

I don’t mind giving you

My love


Yeah… yeah….

I just want you to know

That you are something special

Something special

I just want to show you in every way)


ජීවත් වෙන්නයි මිනිස්සු කරන්නෙ හැමදේම

බඩගින්නයි සල්ලි තමයි ඉල්ලන්නෙම ගේම

අපි වැඩ මැරිගෙන දවසේම

කුඩු මුදලාලි පැද්දා හැම වාහනේම

ලැජ්ජ වෙන්නෙ නෑ අදින්න කඩමලූ

මේ දුප්පත් අපෙ ජීවිතෙ ගෙවෙන්නෙ කරුමලූ (කරුමලූ)

සල්ලි ළඟ දණගහයි සමහරු

නැහැ දෙයියො මූන බැලූවෙ ගියාට ගැටබරු

පෙනුමෙන් සමානයි හදවතින් අසමානයි

මිනිසත්කම බලූ කළේ මිනිසාමයි

එලොවටත් මෙලොවටත් අඩමානයි

අපි හෙව්ව සතුට තියෙන්නෙ අපි ගාවයි

නැහෙන්නෙපා උඹෙ අඩුපාඩු මත්තෙම

පාට වෙනස් මල් උනත් පිපෙයි එක අත්තෙම

කරුමෙ අපිව වටකරලා හැම පැත්තෙන්ම

ගැලවීමක් නෑ කොටුවෙන්නෙ පැනගද්දිම

තිබුනෙ නිකන් කලූගලක් විතරයි කැලෑවක

සීගිරි ගලත් මාලිගාවක් කෙරුවනෙ කාශ්‍යප

උඹ පලයන් උඹෙම තනි පාරක

දුශ්ටයෙක් වෙන්න එපා අනුන්ගෙ කතාවක


You are all I want

I don’t mind giving you

My love


You are all I want

I don’t mind giving you

My love


Yeah… yeah….

I just want you to know

That you are something special

Something special

I just want to show you in every way


අඳුරු මතක

ඝෝෂාකාරී සංගීතය සම්මිශ්‍රණය වෙලා පෙනෙන

නිවස ගුවන මත රැඳි සිහින

හැබැවෙන්නෙ කවදද සිතන පැනය

ගොඩ නගන්නෙ ගිලින්නෙ මාව පමාව

වෙලා මාව දම්වැලකින් ගැටගසා ගත්තා

යුශ දාම සදහටම

සතර අපායෙන් මිදෙන්න මං

ගැලවෙන්න කල්පනාවෙ තාම හැකිවෙද නොහැකි වෙද

විස්වාසයෙ නැ තාම

නපුරු සිහිනය පැතුවෙ සිහිනෙනුත් මං ප්‍රසිද්ධිය

වැසිදිය නොවැටුණු බිමට තාවකාලික

වැසි වැටිලා සැනසිල්ල ගෙනදෙන්නෙ

නවතින්නෙ නැ දවසක මං ජයගන්නෙ

වේදනාව සමග ගිවිසුම

අවසන් වන දිනයක පිවිසුම

ඇවිස්සුනු දුහුවිලි වල කිවිසුම

පිටකරා මම හදවත නැවතුම (නැවතුම)

බලාපොරොත්තුවක් විතරයි

කුමරිය ජීවිතේට ළංකර ගන්න

මත්තෙම නැහෙන හිනැහෙන සහකාරිය

නොමදැන නොදුටු මලක් පසුපස මම දිවයන

ගැලවෙන්නම් නැලවෙන්නම් ඒ හීනෙන් දවසක හැබැවුන


You are all I want

I don’t mind giving you

My love


You are all I want

I don’t mind giving you

My love


Yeah… yeah….

I just want you to know

That you are something special

Something special

I just want to show you in every way



Previous Next

نموذج الاتصال