සොදුරු සිත්තම් | Sonduru Siththam - Ridma Weerawardane Ft Charitha Attalage

මුවගේ හස කැන් දිලුනේ

නෙතගේ කදුලැල් නිවුනේ

හදෙහී පැතුමන් පිපුනේ…

සැනසූ වදනින් දෙඩුවේ…


දසුනින් නොමැකී රැදුනේ…

රිදෙනා සිතමයි හැදුනේ…

නොබිදී සසරේ බැදුනේ…

ඇසුරේ ඔබමයි පැතුවේ…

එකසේ දෙහදක් පිදුනේ…


ආදරෙන් මා වෙලා…

සොදුරු සිත්තම්… යොදා…

සිහිනයක මා… තබා…

ඇරයුම්…කලා…


විකසිතව ලං…වෙලා…

සුවදකට මුසූ වෙලා…

රහස කොදුරා ගියා…

ඔච්චම්…කලා…


නොගැයූ කවියක් වාගේ…

නොලියූ පදවැල් මාගේ…

මේ දිවි ගමනේ…

ඔබගෙනි ඇසුනේ…

මතකේ රදවා…

සොදුරුම යාමේ…


හමනා පවනක් වාගේ…

සිසිලයි ඔබ ගෙන… ආවේ…

කතරට වැටෙනා…

පොද වැහි වාගේ

දෙහදක් පතලා…

සිත් මල් යාමේ…

පියමැන අපි යමු…

පැහැසර යායේ…


ආදරෙන් මා වෙලා…

සොදුරු සිත්තම්… යොදා…

සිහිනයක මා… තබා…

ඇරයුම්…කලා…


විකසිතව ලං…වෙලා…

සුවදකට මුසූ වෙලා…

රහස කොදුරා ගියා…

ඔච්චම්…කලා…



Previous Next

نموذج الاتصال